Facebook එකේ ඉඳන් Mix වෙන්න LIKE කරන්න​

Powered By EXEIdeas

Print This Code | Close This Window This Script Is Provided By EXEIdeas.

Thursday 14 March 2013

නොලියූ ලියුම​



මීට  අවුරුදු හතරකට​ කලින් දවසක මම බුකියේ ඉන්නකොට නිකමට වගේ මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට ඇඩ් කෙරුවා කොල්ලෙක්.. මගේ රික්වෙස්ට් එක ඇක්සෙප්ට කරපු ගමන් මම දඩින් බිඩින් ගාල  පැන්නා  ඒකගේ බාන් බඩී මල් වත්තට.. ඒ කොල්ලා ඔන්ලයින් ආව ගමන් මට හායි කියන්නෙවත් නැතුව මුලින්ම ඇහුවේ මම හොරකම් කරගත්ත මල් ගැන​.. 

එදා ඒ චැට් එකෙන් අඳුරගත්ත ඒ කොල්ලා අද වෙද්දි මගේ ජීවිතේ මට මුණගැහුණු වැදගත්ම පුද්ගලයන් දෙන්නගෙන් කෙනෙක් වෙලා.. ඒ මගේ යාළුවා.. කවදාවත් මුණ ගැහිලා  නැති මගේ යාළුවා.. ජීවිතේට එක එක අවස්ථා වලදී එක එක යාළුවෝ මුණගැහුනත් හැම යාළුවෙක්ම එහෙම හදවතේ රැදිලා ඉන්නේ නෑ.. ඉතින් හුඟක් තනි උන, හුදෙකලා උන මගේ ජීවිතේට, හම්බ උන වටිනාම  කෙනෙක් තමයි මගේ යාළුවා.. 

අවුරුදු ගානක් අපි රටවල් දෙකක​ ඉඳන් දුක සැප බෙදා ගත්තා.. තරහත් උනා, ආපහු යාළු උනා.. විහිළු කර ගත්තා.. අපි එකට කෑවෙ  බිව්වේ නෑ, ඒත් එකට දුක බෙදා ගත්තා.. එකට ගමන් බිමන් ගියේ නෑ, ඒත් ජිවිතේ හුඟ​ක් දුර එකට ආවා.. අපි හම්බ වෙලා අවුරුදු හතරක් උනත් ඒ අවුරුදු හතරට​ අපේ ජීවිත​ සෑහෙන්න​ වෙනස් උනා.. 

මම ල හිටපු  අය​ මාව​ මහ පහත් විදියට, අමානුෂික විදියට දාල යද්දී  මට ඉතුරු උන එකම කෙනා මගේ යාළුවා.. අපි ආදරේ කරපු අය වත් අපේ යාළුකම තේරුම් ගත්තේ නෑ.. මගේ ජිවිතේ මම හුඟක් තැන්  වරද්දගෙන​, අඬාගෙන ආවේ මගේ යාළුවා ලඟ​ට..  මගේ යාළුවා ල ඕනෑම වෙලාවක මගේ කදුළු වලට, මගේ හැඟීම් වලට, මගේ අදහස් වලට ලොකු ගෞරවයක් තිබ්බ.. මම අඬාගෙන දුවගෙන එන හැම  වෙලේම මං වෙනුවෙන් වෙලාව තිබ්බ.. මාව සනසන්න, මම සතුටින් ඉන්නව දකින්න​ ලොකු ආසාවක් තිබ්බ.. සමහර විට අපි ගිය ආත්මෙක සහෝදරයෝ වෙන්න ඇති.. අද මාව මෙතනට අරන් ආවේ මගේ යාළුවා.. අමාරුවෙන් හරි නැගිටින්න මට හයිය​ දුන්නේ මගේ යාළුවා.. I'm blessed to have a friend like you..! 

අපි දෙන්නට දෙන්න දීපු පොරොන්දුවක් තියෙනවා.. කොහේ හිටියත්, මොන තත්වෙක හිටියත්, බැඳලා හිටියත් ලෙහල හිටියත්, මැරෙන්න ඔන්න මෙන්න හිටියත්, නොමරුනොත් අපි දවසක හම්බ වෙනවා.. 

මට කියන්න ඕන උනේ අම්ම තාත්ත පවා විශ්වාස කරන්න බැරි මේ කාලේ මට ඔයා මොන විදියට හම්බ උනාද මට වත් හිතා ගන්න බෑ.. හැමදේම නැතිවෙයි කියල හිතුව මට​ මගේ ජීවිතේට ගොඩක් වටින කෙනෙක් ලැබිලා තියෙනවා.. ඔව්, මගේ ජීවිතේට හම්බ උන හොඳම දේ ඔයාගෙ යාළුකම​.. මට මේ ලෝකේ මොන දේ නැති උනත් යාළුවේ, උඹේ යාළුකම විතරක් හැමදාමත් තියේවි..

බුදුසරණයි!


2 comments: