Facebook එකේ ඉඳන් Mix වෙන්න LIKE කරන්න​

Powered By EXEIdeas

Print This Code | Close This Window This Script Is Provided By EXEIdeas.

Thursday 14 March 2013

එන්න mix වෙන්න​


ඔන්න එකෝමත් එක කාලෙක හරි දුෂ්කර පළාතක ජීවත් උන ගමරාල කෙනෙක් එයාගෙ හේනෙ වවපු කුකුර්බිටා මැක්සිමා ගෙඩි ටිකත් කරත්තෙක පටවගෙන නගරෙට ආවලු ඒවා විකුණලා කීයක් හරි හොයාගන්න. උදෙන්ම එළියට බහිද්දි ගම හාමිනේ කන්කෙඳිරි ගෑවලු ගෙදර NaCl වත් නෑ කියලා.. 

උද්ධමනය නිසා ක්‍රය ශක්තිය අඩු පාරිභෝගිකයන් ගැවසෙන වෙළඳපොළක තමන්ගෙ බඩු ටික විකුණගන්නෙ කොහොමද කියල කල්පනා කරලම ගමරාලට සසර කළකිරිලයි තිබ්බෙ.. කොහොමින් කොහොම හරි කුකුර්බිටා මැක්සිමා ගෙඩි ටික විකුණගත්ත ගමරාල ඇඟේ මහන්සිය යන්නත් එක්ක අඟල් දොළහක් ගහන්න බාර් එකකට ගියා.. බාර් එක ඇතුලෙ ලොකුවට ලියල තියෙනව ලු කොක්ටේල් විකිණීමට නැත කියලා.. සුරාමේරය මජ්ජපමා දට්ඨානා කියල ඉන්න අපට මොන කොක්ටේල් ද කියල හිතපු ගමරාල රා පොල් කටු දෙකක් බීලා ගෙදර ගියාලු..

ඒ උනාට ඔයාලට පුළුවන් මෙතනට ඇවිත් mix වෙන්න.. කොක්ටේල් කියන්නෙ හැමදේම mix වෙන තැනක්, අපි හැමෝටම මික්ස් වෙන්න පුළුවන් තැනක්, හැමෝගෙම අදහස් කලවම් වෙන blog එකක්.. 

ඉතින් එන්න.. අපි හැමෝම mix වෙමු.. දවසින් දවස mix වෙලා කවද හරි දවසක රීmix වෙමු!

කොක්ටේල් blog පිටුවට සියළුදෙනාම  සාදරයෙන් පිළිගන්නවා!



1 comment:

  1. එහෙනම් අද ඉඳන් අපිටත් කොක් ටේල් ....

    ReplyDelete