Facebook එකේ ඉඳන් Mix වෙන්න LIKE කරන්න​

Powered By EXEIdeas

Print This Code | Close This Window This Script Is Provided By EXEIdeas.

Thursday 14 March 2013

ආදරය කිරීම උගන්වනු ලැබේ!

දෙන්න දෙමහල්ලන්ගෙ අඬදබර පවතින්නේ බත් හැලිය ඉදෙන තුරු පමණක් යැයි ජනවහරේ එන කියමන අපට හොඳට හුරුපුරුදුයි. 

විවාහ වූ වැඩිහිටියන් අතර පමණක් නොවෙයි ආදරය කරන්න හොඳට දන්න අපේ යෞවන යෞවනියන් අතරත් මේ බත් හැලිය ඉදෙන තුරු පමණක් පවතින අඬදබර ඕනෑවටත් වැඩිය ඇති වෙනවා. ඒත් පිඟන් කෝප්ප පොළවේ ගහන, මුහුණ නොබලන තරමේ අමනාපකම්වලත් මුල් බීජය වැපිරෙන්නෙ මේ වගේ පුංචි පහේ නොහොඳ නෝක්කාඩු දුරදිග යාම නිසයි. දිවි දෙවැනිකොට සුරැකි ආදර බැඳුම් බිඳ වැටීමටත්, විවාහ සබඳතා දෙදරා යාමටත් මෙවැනි ආරවුල් සහ අඬදබර බොහෝ විට හේතුවන බව රහසක් නොවෙයි.

වාද විවාද එපා

විවාහකයන් අතර​ එහෙමත් නැතිනම් පෙම්වතුන් අතර පවා නිතරම දකින්න පුළුවන් දෙයක් තමයි මේ වචනයක් වැරැදෙන තුරු බලා සිටින ගතිය. ඇත්තටම තමන්ගෙ විවාහ සහකරු හෝ සහකාරිය අතින් සිදුවන සුළු අඩුපාඩුකම් වලට ආදරණීය සමාවක් පිරිනමන්න ඔබට හැකිවන්න ඕනමයි. විශේෂයෙන් සමහර කාන්තාවන් තමන්ගේ සැමියා නැත්නම් පෙම්වතා අතින් සිදුවන පුංචි අඩුපාඩුවක් පසුපස එල්ලී යමින් අඬදබරවලට මුල පුරනවා. 
තමා ආදරය කළ පෙම්වතිය සමඟ වසර හතරක තවමත් නොබිඳුන විවාහ දිවියක් ගතකරන තැනැත්තෙකු තමා සමඟ මෙසේ කී බව සුප්‍රකට මනෝ වෛද්‍යවරයෙකු ජාත්‍යන්තර සඟරාවකට මෙසේ ප්‍රකාශ කළා. "එයා නිතරම පුංචි වැරැද්දක් හරි අල්ලගෙන මාත් එක්ක ර​ණ්ඩු සරුවල් ඇතිකර ගන්නවා, කේන්ති ගියාම අල්ලපු ගෙදරටත් ඇහෙන්න ඛෙරිහන් දීම මගේ බිරිඳගේ සිරිතයි, ඒ වගේ වෙලාවට මම කරන්නේ කට පියාගෙන ඉන්න එකයි, මොකද මට කෑගහලා පුරුද්දක් නැහැනේ".  "ඒක ඔබේ පිරිමිකමට හොඳ නැහැ නේද?” මනෝ වෛද්‍යවරයා ඊලඟට ප්‍රශ්ණ කළා. "එහෙම නැහැ, මගේ බිරිඳට ආදරේ නිසා පස්සේ වෙලාවක එයාට කරුණු කාරණා කියල දෙනවා, රෑට නින්දට යාමට පෙර එදා දවසේ සියළුම ප්‍රශ්ණ නිරාකරණය කරගැනීම අපේ සිරිතයි, කොහොමටත් රණ්ඩු දබර වෙලා දික්කසාදයකින් අපේ ආදර ලෝකය කෙළවර කරගන්න අපට ඕන නැහැ."  
මනෝ වෛද්‍යවරයාත් ඉත සිතින් මේ අදහස අනුමත කරනවා. ඒත් මේ වගේ ඉවසන සුළු සහකරුවකු ලැඛෙන්නේ කීයෙන් කීදෙනාටද? තම සහකරු හෝ සහකාරිය තලා පෙළා කථා කිරීමට පෙර​ දෙවරක්, තෙවරක් නොව කිහිපවරක්ම කල්පනා කළ යුතු බවට මනෝ වෛද්‍ය උපදේශකවරු පවසති. ඔබේ කටුක වදන් වලට බිය වී පෙම්වතා හෝ පෙම්වතිය නිහඬ වන සෑම අවස්ථාවකදීම ඔබේ ආදර දිවියේ පවුරු පදනම් සෙළවෙන බව මතක තබාගන්න.

පලායාමේ කලාව

මෙය​ ආදර දිවියේ සුරක්‍ෂිතභාවයට තදින්ම බලපාන වරදක්. මනෝ වෛද්‍ය උපදේශකවරුන් පලායාමේ කලාව යනුවෙන් හඳුන්වන්නේ සහකරු සමඟ තරහවෙලා නිවසින් පිටවයාම නොවෙයි. විවාහක උදවිය නම් එකම වහලයට සිටියත්, ආදරවන්තයන් නම් නිතර නිතර හමුවුනත් එකිනෙකාට ආදරය නොදී සිටීම තමයි මේ අන්දමින් හඳුන්වන්නේ. තමන් විසින් මෙතෙක් දුරට ගොඩනඟා ගනු ලැබූ ආදර ලෝකයෙන් මේ ආකාරයට පලායෑම බොහෝ දෙනා කරන්නේ අනෙකාට රිදවීමේ අපේක්‍ෂාවෙන්. සහකරු අතින් සිදුවූ වරදකට, නැතිනම් වරදක් යැයි තමා සිතන දෙයකට දඬුවම් වශයෙන් ඔහු හෝ ඇය සමඟ කතා නොකර සිටීම අපේ බොහෝ පෙම්වතුන්ට ආවේනික ගතිගුණයක්. තම සහකරු ආදරය පතා තමාට ලංවූ විට මේ අය කරන්නේ නුරුස්සනා සේ හැසිරීමයි. නැතිනම්  මුනිවත රැකීමයි. කතාබහ නොකර බුම්මා සිටිනු වෙනුවට සිනාසී සාකච්ඡා කිරීම තුලින් බොහෝ ප්‍රශ්ණ විසඳාගත හැකි බවඒ අය තේරුම් අරං නැහැ. සුන්දර ආදරය ඉදිරියේ පලායන්නන්ට උරුම වන්නේ නිරන්තර පරාජයයි.

ව්‍යාජ සතුටක් මවා පෙන්වීම 

මෙය​ නම් වැඩිපුරම සිදුවන්නේ පෙම්වතියන් නැතිනම් බිරින්දෑවරු අතින්. සහකරු සතුටින් තැබීම සඳහා තමන් නිතරම ප්‍රීතියෙන් කල්ගත කරන බව හැඟවෙන පරිදි කටයුතු කිරීමට බොහෝ කාන්තාවන් කැමතියි. පෙම්වතා/සැමියා පවසන කුමක් හෝ අනුමත කරමින් තම ආදර සම්බන්ධතාවයේ එහෙමත් නැතිනම් යුගදිවියෙ ගැටුම් ඇතිවීම වලකාගැනීමට මේ අය නොදරන උත්සහයක් නැහැ. මදක් කල්පනා කරන්න, ඔබ ඔබේ සිතුම් පැතුම්, අවශ්‍යතා සඟවා තබාගන්නට මහන්සිවන වාරයක් වාරයක් පාසා, දිය යට එබූ රබර් බෝලයක් සේ ඒවා තව තවත් ඉස්මතුවනවා නොවේද? සහකරුට ආදරය ලබාදෙනවා සේම ඔහු වෙතින් සෙනෙහස සහ මිත්‍රත්වය ලබාගැනීමටද ඔබට ඇත්තේ පූජනීය අයිතියක්. ව්‍යාජ සතුටක් මවා පෙන්වන්නට යාම තුලින් සහකරු හෝ සහකාරියගේ සැබෑ ගතිගුණ හෝ අවශ්‍යතා හඳුනාගැනීමට කිසිම කෙනෙකුට හැකිවන්නේ නැහැ. මේ නිසා ඇතිවෙන අනවබෝධය, සිත් නොසන්සුන්තාව ආදිය ඔස්සේ කෙමෙන් පවුල්  සංස්ථාව තුලට පිවිසෙන්නේ නොරිස්සුම සහ කළකිරීමය. බොහෝ කාන්තාවන් සේම සංවේදී සිත් ඇති බොහොමයක් මිනිසුන් තම සිත පිළිබඳ නිරන්තරයෙන්ම විමසිල්ලෙන් පසුවනවා. හැම වැරැද්දක්ම සිදුවන්නේ තමන් නිසා යැයි සිතන්නේ මේ වගේ අයයි. ඒත් නොකළ වැරදිවල වගකීම තම හිස මත පටවා ගැනීම අනවශ්‍ය බරක් කරට ගැනීමක් වෙනවා. යුගදිවියේ ගැටුම් වලින් තොර නිසල සමාධිගත බව දිගටම පවත්වාගැනීම වෙනුවෙන්  අපේ බොහොමයක් යෞවන යෞවනියන් සේම වැඩිහිටි ආදරවන්තයනුත් මේ පිළිවෙත අනුගමනය කරනවා. මෙයත් තම සහකරු ඉදිරියේ මවාගත් ප්‍රීති මුහුණක් පෙන්වා සිටීමට දෙවැනි වන්නේ නැහැ. මෙමඟින් සිදුවන්නෙත් කල්‍ යාමේදී ආදර ලෝකයට කළකිරීම සහ අනාදරය එකතුවීමයි. හිටිහැටියේ අහසින් කඩාවැටුනාක් බඳු ගැටුම් සහ හිත් අමනාපකම් ඇතිවන්නෙත් මෙවැනි පෙම් සබඳතා හෝ විවාහ ජීවිත තුලයි. ඒ නිසා නිරන්තර සාකච්ඡාවන් සහ අදහස් පළකිරීම සමඟ විවෘත හදවතින් ඔබේ සහකරුට හෝ සහකාරියට සමීපවන්න. තනිකර සුදු හෝ තනිකර කළු හෝ කියා වර්ග කළ නොහැකි ඔබේ සැබෑ ගතිගුණ ඔහුට හෝ ඇයට වටහාගැනීමට ඉඩහරින්න.

ඔබ නොඅඩුවම ආදරය ලබාදෙනවා නම් ඔබටත් නොඅඩුවම ආදරය ලැබේවි...



3 comments: